Presidential Secretariat of Sri Lanka

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

සිය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්වූයේ ජනපති හට නව රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලබාදීම උදෙසා ය.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට 1970 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2004 අප්‍රේල් මස 6 සිට 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය දක්වා අගමැති ලෙස කටයුතු කෙළේය. ඔහු ප්‍රථම වරට ජනපති බවට පත්වූයේ 2005 නොවැම්බර් මස 10 දින වන අතර ඔහු දෙවන වතාවටත් එම ධුරයට පත්වූයේ 2010 ජනවාරි 27 වැනි දිනය.

වෘත්තියෙන් නීතිඥයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පැමිණියේය. ඔහු සිය දේශපාලන දිවිය තුළ කම්කරු හා වෘත්තීය පුහුණු, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන මෙන්ම වරාය, නාවික හා ධීවර අමාත්‍ය ලෙස ද කටයුතු කර ඇත.

පුවත්

Most popular