Presidential Secretariat of Sri Lanka

තම ධූර කාලයේ දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

තම ධුර කාලයේ දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා අතර නිල හමුව අද (29) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාව වෙත ගිය ජනාධිපතිතුමා චාරිත්‍රානුකූලව පිළීගැනීම රාෂ්ට්‍රපති භවන් හිදී මහත් හරසරින් සිදුකෙරිණි.

එහිදී ඉන්දීය රජය එරටට පැමිණෙන රාජ්‍ය නායකයෙකු වෙත පරිනමන හමුදා උත්තමාචාර පිරිනමමින් ශ්‍රී ලංකා ජනාධිපතතුමා අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපතිවරු දෙපළ අතර හමුව සිදු විය. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශිංසන පළ කළ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන සුවිශේෂ අවස්ථාවක් බව සඳහන් කළේය. නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉන්දීය ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් තම රජයේ පූර්ණ සහය ලබා දෙන බව ද පැවසීය.
මෙම හමුවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් (S.Jaishankar) ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං (VK Singh) යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වුහ.

ඉන් අනතුරුව රාජ් ගාත් (Raj Ghat) වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත ගොස් උපහාර දැක්විය.
විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වු සැමරුම් පොතේ අත්සන් තැබීම ද මෙහිදී සිදු කෙරිණ.

පුවත්

Most popular