Presidential Secretariat of Sri Lanka

කැනඩා මහ කොමසාරිස් සහ චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වෙයි.

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් Daved Mckinnon මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

මෙහිදී ජනාධිපතිතුමා මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක නිරත වූ අතර මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශීංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති Wu Jianghao මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

පුවත්

Most popular