Presidential Secretariat of Sri Lanka

මාතෘ භූමියේ ආරක්ෂකයා ලෙස වත්මත් ජනපති ජනතාවගේ ආදරයට පාත්‍ර වී ඇතැයි පූජ්‍ය වැලමිටියාවෙ කුසලධම්ම නා හිමියෝ පවසති

රටට එරෙහි සියලු අභියෝග ජය ගනිමින් මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙස ජනතාව ආදරයෙන් බලා සිටින බව විද්‍යාලංකාර පරිවෙනාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ සඳහන් .

ඊයේ (07) පස්වරුවේ කැළණිය විද්‍යාලංකාර පුදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මැතිතුමා ධාතු මන්දිරය වැඳ පුදා ගත්තේය.

අනතුරුව ජනාධිපතිතුමා පූජ්‍ය වැලැම්පිටියාවේ කුසලධම්ම නා හිමියන් සහ සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමිපාණෝ බැහැ දුටුවේය.

ආධ්‍යාත්මක භූමියක් වූ විද්‍යාලංකාර පුද බිමට ජනපතිගේ පැමිණීම ගෞරවයක් ලෙස සලකන බව කුසලධම්ම නා හිමියෝ මෙහිදී සඳහන් කළහ.

වැඩම කළ මහා සංඝරත්නය ජනාධිපතිතුමා ඇතුළු පිරිසට ජය පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

පුවත්

Most popular