Presidential Secretariat of Sri Lanka

OGP යනු කුමක්ද

 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) යනු කුමක්ද?
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ 2011 සැප්තැම්බර් මස 20 වන දින එහි ආරම්භක රාජ්‍ය 8 (බ්‍රසීලය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, නෝර්වේ, පිලිපීනය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය) විසින් OGP ප්‍රකාශය පිළිගෙන තම රටවල ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීමත් සමඟය.

දැනට විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය සාමාජික රාජ්‍ය 70 කින් සමන්විත වන අතර සාමාජිකත්වය ලබාදීම ආරාධනා මගින් සිදුවේ.

ශ්‍රී ලංකාව සහ විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කෙරුණේ 2015 ඔක්තෝම්බර් මා‍සයේදීය. 2015 ඔක්තෝම්බර් මස ශ්‍රී ලංකාව ලද ආරාධනය අනුව මෙක්සිකෝවේ පැවැති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) සමුළුවට සහභාගි වූ අතර OGP ප්‍රකාශය පිළිගැනීම හරහා එහි සහභාගිත්ව රටක් බවට පත්විය. එම කණ්ඩායමට නායකත්වය සපයන ලද්දේ අධිකරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා විසිනි.

Most popular