අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (30) පැවැත්වීණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මහාමාත්‍ය විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.
එහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කෙරිණ.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද මේ හා සමගාමීව සිදු කෙරිණි.
වසරක් තිස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු කරන ලද පාසල් වැඩසටහන් සම්බන්ධව සම්පාදනය කළ විෂන් සඟරාව නියෝජ්‍ය කථානායකතුමාට පිළිගැන්වීමද මෙහිදී සිදු වූ අතර, මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ලබා දීමද සිදුවිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපතිතුමාගේ නීති උපදේශක ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) ජයලත් පෙරේරා, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, විදුහල්පති එච්. ඒ. ගාමිණී ජයරත්න යන මහත්වරුන්, ගුරු භවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.