Presidential Secretariat of Sri Lanka

ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට කැපවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ නවසීලන්ත මහ කොමසාරිස්වරිය පවසයි

ශ්‍රි ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අල් මුල්ලා මහතා ( Ahemad Al Mulla ) අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත වූ තානාපතිවරයා දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී වඩා සහයෝගයෙන් කටයුතු කිරීමට කැපවන බවට සහතික විය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව දැක්මක් සහිත වැඩපිළිවෙළ අගය කළ තානාපතිවරයා එය සාර්ථක කර ගැනීමට උපරිම සහාය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රි ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Joamma Kempkers මහත්මිය ඇතුළු දූත පිරිස ද අද පස්වරුවේ ජනාධිපති කාරියාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී සිය සුභාශිංසන පළ කළාය.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යොන්‍ය ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට කැපවෙන බවට එහිදී ඔවුහු සහතික වූහ.

පුවත්

Most popular