Presidential Secretariat of Sri Lanka

ආසියාන් සංවිධානයට අයත් රටවල තානාපතිවරු ජනපති හමුවෙති

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල ( ආසියාන් ) තානාපතිවරු කණ්ඩායමක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය, වියට්නාමය, මැලේසියාව, යන රටවල තානාපතිවරු සහ කොන්සල්වරු හමුවට එක්වසිටිය අතර ඔවුන්ගේ සුභාශිංසන පළමුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පළ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් පූර්ණකැපවීමෙන් කටයුතු කරන බවට තානාපතිවරු ජනපති හමුවේ සහතික වූහ.

එමෙන්න කලාපීය සහයෝගීතාව ඉහළ නංවමින් ඉදිරි අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමුකෙරිණි.

පුවත්

Most popular