ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත මහජන චීන සමුහාණ්ඩුවේ විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (14) ජනාධිපති කාර්යාලයේ දී හමු වු අවස්ථාවේදී ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අතීතයේ පරිදිම චීනය ශ්‍රී ලංකාවේ සෞභාග්‍යෙයේ හා ප්‍රගතියේ දිගුකාලීන හවුල්කරුවෙකු බවයි. ශ්‍රී ලංකාව පිළිබඳ චීනයේ ප්‍රතිපත්තිය අචල බවත් චීනය නිරන්තරව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක මිතුරා බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

චීන විදේශ අමාත්‍යවරයා සුහද සාකච්ඡාව ආරම්භ කළේ චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමාගේ උණුසුම් සුභාශීංසන ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වමිනි. චීනයේ පැරණි මිතුරා වන ජනාධිපති රාජපක්ෂ මහතා රටේ නායකත්වයට පත්වීම පිළිබඳව වැන් යී මහතා සිය සුබ පැතුම් පළ කළේය.

ජනාධිපතිතුමා සමග කළ පුළුල් හා ගැඹුරු සාකච්ඡාවලින් අනරතුරුව දෙරට අතර පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් වර්ධන වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

චින අමාත්‍යවරයාගේ සුභාශීංසන පිළිබඳ උණුසුම්ව ප්‍රතිචාර දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමා ජනාධිපති ෂී ජින් පින් අගය කරන්නෙකු බවත් ඔහුගේ කථා සහ ප්‍රකාශන සමීපව අධ්‍යයනය කරන බවත් පැවසීය. ජනාධිපති ෂී ජින් පින්ගේ ඇතැම් ප්‍රතිපත්ති විශේෂයෙන් දිළිඳුකම පිටුදැකීමට අදාළ කරුණු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද ඇතුලත් කර ඇති බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

චීනයේ චාරිකාවක නිරත වන ලෙසට කළ ආරාධනය පිළිබඳව ජනාධිපතිතුමා චීන අමාත්‍යවරයාට ස්තූති කළේය.

චීනයේ  කළ චාරිකා සිහිපත් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා චීනය තමාට ආගන්තුකයෙක් නොවන බව කීය.

“ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු වශයෙන් චිනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිනවා. රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වාධීනත්වය වෙනුවෙන් චීනය පෙනී සිටිනවා. අත්‍යාවශයෙන්ම ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට අප ඉඩ දෙන්නේ නැහැ” යැයි අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්වාධීන කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැපවීම ගැන අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ලබන මස සිදු කිරීමට නියමිත ජනාධිපතිවරයාගේ චීන චාරිකාවේ දී තාක්ෂණ සංචාරක, යටිතල පහසුකම් හා අනෙකුත් අදාළ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවට සහය විය හැකි පාර්ශ්ව මුණගැස්වීමට කටයුතු සූදානම් කරන බවයි. චාරිකාව ඉතා ඵලදායී වනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

“ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කුඩා නමුත් ඉතා ඉක්මණින් ආර්ථික වශයෙන් ශක්තිමත් වනු ඇති. මේ ඉලක්කය කරා ළගා වීමේ දී චීනය ශ්‍රී ලංකාව සමගින් සිටිනවා” යැයි අමාත්‍ය වැන් යී මහතා සහතික විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Cheng Xueyuan, චීන වාණිජ අමාත්‍යාංශයේ උප ඇමති QianKeming,චීන අන්තර්ජාතික සංවර්ධන සහ සහයෝගිතා නියෝජිත ආයතනයේ උප ඇමති Zhou Liujun ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.