Presidential Secretariat of Sri Lanka

සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය ගැටළු ජනපති අවධානයට

සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට, බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටළුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගැටළු විමර්ශනය කොට පිළියම් හඳුනා ගැනීම සිදු විය.

උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.

දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරීන් සඳහා උසස්වීම් පටිපාටියක්  හඳුන්වාදීම සහ රාජකාරී ඉටු කිරීමේදී භෞතික සම්පත්වල ඌනතාවට පිළියම් සෙවීම ගැනද සාකච්ඡා කෙරිණ.

පහළ තනතුරු සදහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට  පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල,  සුරා බදු කොමසාරිස් ඒ. බෝදරගම යන මහත්වරු ඇතුළු නිලධාරීහූ හා වෘත්තීය සමිති නියෝජිතයෝ සාකච්ඡාවට එක් ව සිටියහ

පුවත්

Most popular