Presidential Secretariat of Sri Lanka

ජනපති අනුරාධපුර මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර, මිහින්තලයේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී.

ක්‍රි.ව 5 -6 සිය වස්වලට අයත් මිහිදු ආරණ්‍ය සේනාසනය සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානය වේ.

අද (04) පෙරවරුවේ මිහිදු ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිතුමා සේනාසනාධිපති,  සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්පාත සුමන හිමියන් බැහැ දැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

ජනාධිපතිතුමා විහාර මන්දිරය ද වැඳ පුදාගත්තේය.

ජනාධිපතිතුමාට සහ ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් සිල් සමාදන්ව සිටි උපාසික උපාසිකාවන්ට සෙත් පතා ජය පරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණි.

පුවත්

Most popular