Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1458 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1458 ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව රුපියල් 1,000,000ක් පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත BMICH  හිදී පැවති අමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම් උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ගුවන් හමුදාවේ විශ්‍රාමික උපදේශක ඒ.එම්. කුලතුංග බණ්ඩාර මහතා රුපියල් 50,000ක්, අයිරින් පෙරේරා මහත්මිය රුපියල් 5,000ක්, ඩී.එම්.කේ. දිසානායක මහතා රුපියල් 46,400ක්, ඩී.එල්.චන්ද්‍රදාස මහතා රුපියල් 5,000ක්, කොත්මලේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය රුපියල් 28,400ක්, විශේෂඥ වෛද්‍ය එන්.ඩබ්.ජේ.කේ. ප්‍රේමදාස මහතා රුපියල් 173,977ක් සහ විශේෂඥ වෛද්‍ය ඒ.කේ. බණ්ඩාරනායක මහතා රුපියල් 171,133ක් පරිත්‍යාග කළහ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,458,345,529.45 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්

Most popular