Presidential Secretariat of Sri Lanka

රට වැසි, ලෝ වැසි ජනතාවට සෙත් පතා රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්වලට ජනපති එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටවැසිසහ ලෝ වැසි ජනතාවට සෙත් පතා ඊයේ (13)පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිමහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත විය.

රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණිජනාධිපතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැකආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කප්රුක්පූජාවට සහ අෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වෙමින්රටටත්, ජනතාවටත් සෙත් පැතීය. සෑ රදුන් අභියසවිශේෂ සෙත් පිරිත් සඡ්ඣායනවක් සිදු කෙරිණ.සෑ රදුන් උදෙසා කළ ආලෝක පූජාව පැවැත්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගමහේමරතන හිමියෝ අනුශාසනාවක් කරමින්කොවිඩ් මර්දනයට සහභාගී වන සෞඛ්‍ය,ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල නිරත පිරිසටආශිර්වාද කළහ. 

පුවත්

Most popular