Follow Us:

Friday, May 23
අප්‍රේල් 26, 2025

“වසත් සිරිය 2025” බක් මහ උලෙළ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී

ජනාධිපති කාර්යාලයේ සුබසාධක සංගමයේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් සංවිධාන කරනු ලබන “වසත් සිරිය 2025” බක් මහ උලෙළ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ හෙට (27) පෙරවරු 6.00 සිට දවස පුරා පැවැත් වේ.

දරුවන්ට හා වැඩිහිටි තරග රැසකින් සමන්විත අතර මෙම බක්මහ උලෙළෙහි සවස අවුරුදු කුමරිය හා අවුරුදු කුමරා තේරීමද සිදු කෙරේ.

සවස 6.00ට ආරම්භ වන අංගම්පොර සංදර්ශනය සහ සංස්කෘතික ප්‍රසංගය මහජනතාවට විවෘත වේ.

“වසත් සිරිය 2025” මියැසි ප්‍රසංගය ගුවන් හමුදා වාදන කණ්ඩායමේ මියුරු ස්වරයට දිවයිනේ ජනකාන්ත කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් රාත්‍රී 7.00 සිට පැවැත් වේ.

Top