Follow Us:

Thursday, Mar 20
පෙබරවාරි 17, 2025

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.

මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු විය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.

Top