Follow Us:

Friday, Jun 13
ඔක්තෝබර් 18, 2024

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

Top