Follow Us:

Monday, Jul 28
ජූලි 28, 2025

ත්‍රිකුණාමලයේ අල්-ෆලාහ් විද්‍යාලයේ සිසු දරුදැරියෝ ජනපති මන්දිරය නරඹති

ත්‍රිකුණාමලයේ අල්-ෆලාහ් විද්‍යාලයේ සිසු දරුදැරියන් හට සිය පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමටද අද (28) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව, පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස එම පාසල වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරුණු අතර, ‘Vision’ සඟරාවද පිළිගැන්විණ.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, ත්‍රිකුණාමලයේ අල්-ෆලාහ් විද්‍යාලයේ ගුරු මහත්ම-මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Top