Follow Us:

Friday, Nov 14
ජූලි 26, 2025

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය නරඹති

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා ඊයේ (25) පස්වරුවේ පැමිණියහ.

එහිදී, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ කෙටි පිළිසඳරකද නිරත විය.

ජනාධිපති කාර්යාලයේ පුස්තකාලය, පැරණි පාර්ලිමේන්තුව සහ කැබිනට් රැස්වීම් ශාලාව ඇතුළු කාර්යාලීය පැරණි ස්ථාන නැරඹීමටද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙහිදි අවස්ථාව හිමි විය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Top