මහියංගණය මැද යාය මහා විද්‍යාලය, වහකෝට්ටේ මැදබැද්ද මහ විද්‍යාලය සහ කල්මුණේ අල් අසාර් විද්‍යාලයේ සිසු දරුවන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනටද සහභාගී වීමට ඊයේ (24) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.
නව සමාජ පරිවර්තනයක් සමඟ රට ඉහළ තලයකට ඔසවා තැබීමේ රජයේ වැඩපිළිවෙළේදී දරුවන්ටත් වගකීමක් තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
රටක සංවර්ධනය සඳහා සියලුදෙනා තමන්ගේ යුතුකම ඉටුකළ යුතු බවත්, ඒ සඳහා විනයක් හා ධාරිතාවක් සහිතව මානව සම්පත රටක සංවර්ධනයට ධනාත්මකව බලපාන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ලබා දීම සහ ‘Vision’ සඟරාව පිළිගැන්වීමද සිදු කෙරිණි.
ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුන්ද, විදුහල්පතිවරු, ගුරු මහත්ම මහත්මීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.