Follow Us:

Thursday, Jun 26

අභ්‍යන්තර කටයුතු ඒකකය

 

ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025 පෙබරවාරි 18 දිනැති චක්‍රලේඛය අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී.

 

පැමිණිලි ඉදිරිපත් කිරීම

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ  සේවයේ නියුතු නිලධාරියෙකු සම්බන්ධයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් හෝ වන පැමිණිලි මෙන්ම එහි සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා යෝජනා පහත සඳහන් මාර්ග හරහා අභ්‍යන්තර කටයුතු ඒකකයට
ඉදිරිපත් කළ හැකිය:

 

විද්‍යුත් ලිපිනය: iau@presidentsoffice.lk

WhatsApp: 071 640 2654

දුරකථන: 011 235 4495

තැපැල් ලිපිනය: අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01

 

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය

 

ඒකකයේ තනතුරනමස්ථිර තනතුර
ඒකක ප්‍රධානීචානකී එච් රණතුංග මියජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ලේකම් කාර්‍යාංශය
සුපිළිපන්න නිලධාරි / සාමාජික
එස් කේ හේනාධීර මයා
ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති), නීති කටයුතු අංශය
සාමාජිකඩබ් ආර් පරණගම මයාප්‍රධාන අභ්‍යන්තර විගණක, අභ්‍යන්තර විගණන අංශය
සාමාජිකඑච් සී එන් ධර්මපාල මයාජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, පරිපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අංශය
සාමාජිකඑල් ඩබ් සිතාරි චානිකා නවරත්න මියජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජනාධිපති මාධ්‍ය අංශය
සාමාජිකඑස් එම් ඒ පී සෝමරත්න මයා
අධ්‍යක්ෂ, අදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ අංශය
සාමාජිකඑම් කේ ජී මොරවක මිය
අධ්‍යක්ෂ (සන්නිවේදන හා පාලන) ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය
සාමාජිකඑම් එම් නිමල් ප්‍රේමතිලක මයාඅධ්‍යක්ෂ මහජන සම්බන්ධතා අංශය
සාමාජිකඊ ආර් එම් ඉඳුනිල් ගුණතිලක මයාඅධ්‍යක්ෂ (ආයෝජන) පර්‍යේෂන හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය
සාමාජිකඑන් ඩබ් එස් එච් වන්නිආරච්චි මිය
ගණකාධිකාරී, මූල්‍ය අංශය
සාමාජිකනඳුනි ටී වනිගසිංහ මිය ජනාධිපති සහකාර ලේකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ව්‍යවස්ථාපිත කටයුතු අංශය
සාමාජිකඒ එස් ඩබ් මදනායක මයාසහකාර අධ්‍යක්ෂ, මූල්‍ය හා ආර්ථික කටයුතු අංශය
සාමාජිකජේ පී සී උඩකුඹුර මයාසහකාර අධ්‍යක්ෂ(සැලසුම්), ආහාර සුරක්ෂිතතා හා ප්‍රතිපත්ති අංශය

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

  1. ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිධභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4. විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළිකරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.

 

අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්

  1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනාගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
  2. දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assesment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
  3. ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස්කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  4. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
  5. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.
  6. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවානියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දූෂන විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
  7. ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනම් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
  8. ආයතන විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
  9. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලන ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
  10. දූෂණ විරෝධී මූලධර්මවලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
  11. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම් (National Anti-Corruption Integrity Assesment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
  12. ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
  13. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
  14. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

 

Top