“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්තිය අනුව රටේ සංවර්ධන ඉලක්ක මුදුන්පත් කර ගනු වස්, ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජනාධිපති කාර්යාලය මගින් සිදු කරනු ලැබේ.
සමස්ත දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් යටතේ, ආර්ථික ප්‍රසාරණ, මහජන හවුල්කාරීත්වය, රැකවරණය සහ ආකල්පමය සංවර්ධනය තුළින් සියලු ජනයාගේ ජීවන තත්වය උසස් කිරීම උදෙසා,
ජනාධිපති කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන ජාතික සංවර්ධන වැඩසටහන් සාර්ථක කරගනු පිණිස අප හා එක්වීමට ඔබට අවස්ථාව ලැබේ. ඒ සඳහා ඔබගේ ජීව දත්‍ත ඇතුලත් අයදුම්පතක් 2025.06.14 වන දිනට පෙර dcd@presidentsoffice.lk වෙත යොමු කරන්න. අයදුම්කරුවන් අතරින් පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.