Follow Us:

Monday, May 12
psofzDmp ඔක්. ඔක්තෝබර් 2024

ජනපති සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් අතර හමුවක්

මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුයි -ජනපති පවසයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක, තාක්ෂණ, කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනයට දකුණු අප්‍රිකාවේ සහාය ශ්‍රි ලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා (Sandile Edwin Schalk) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා...
psofzDmp ඔක්. ඔක්තෝබර් 2024

ජනපති අද තානාපතිවරුන් කිහිප දෙනෙකු සහ යුරෝපා සංගම් නියෝජිත පිරිසක් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවල අරමුණයි. ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව කැප වී සිටින අතර ලොව සියලු රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම...
psofzDmp ඔක්. ඔක්තෝබර් 2024

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය. මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති...
Top