Follow Us:

Tuesday, Nov 18
psofzDmp අගෝ. අගෝස්තු 2025

ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි. ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති අතර, තමන්ගේ සමාජ මාධ්‍යක ගීතයක් පළ කිරීමටද හැකියාවක් නැති බවද මෙහිදී අවධාරණය කෙරිණි....
psofzDmp අගෝ. අගෝස්තු 2025

සීප්පුකුලම තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනපති මන්දිරය නරඹති

සීප්පුකුලම, තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද (05) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක් ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එහිදී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා විසින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ දේශනයක්ද සිදු කරන ලදී. මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි. ජනාධිපති...
psofzDmp ජූලි ජූලි 2025

ජනතාව අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරනවා

ජනපති මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් පවසයි සියලු ශ්‍රී ලාංකික ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සුරකිමින්, ඔවුන් අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයීය (MNU) ශ්‍රවණාගාරයේදී මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමිනි. මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන්, විද්‍යාර්ථීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන...
psofzDmp ජූලි ජූලි 2025

ජනපති මාලදිවයින් ව්‍යාපාරික සංසදය අමතයි

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ සහභාගි විය. මාලදිවයිනේ JEN Maldives Malé හෝටලයේ පැවති මෙම ව්‍යාපාරික සංසදයෙහි අරමුණ වූයේ, ශ්‍රී ලංකාව ආයෝජන, වෙළෙඳ සහ සංචාරක කර්මාන්තයන්හි ආයෝජන සඳහා ඉහළ විභවතාවක් සහිත රටක් බව පෙන්වා දෙමින් මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාවට මෙරට ආයෝජනය සඳහා ආරාධනා කිරීමය. මෙහිදී මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා...
psofzDmp ජූලි ජූලි 2025

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029හි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ පැවැත්විණි. ‘සුපිළිපන් දේශයක් කරා’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පසුගිය අප්‍රේල් මස 09 වන දින ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ එළිදක්වන ලද අතර, 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ එය...
psofzDmp ජූලි ජූලි 2025

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ ආරාධනයකට අනුවය. මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වීය. මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව...
psofzDmp ජූලි ජූලි 2025

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර 60 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරේ

ජනපති පැළයක් රෝපණය කරයි මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගි විය. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu), මාලදිවයින් සංචාරක සහ පරිසර අමාත්‍ය තෝරික් ඉබ්‍රාහිම් (Thoriq Ibrahim) යන මහත්වරුද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
psofzDmp ජූලි ජූලි 2025

මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති

මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව, මාලදිවයින් නියෝජ්‍ය කථානායක අහමද් නසීම් (Ahmed Nazim), එහි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා ඛලීල් (Dr. Abdulla Khaleel), ආර්ථික සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍ය මොහමද් සයීඩ් (Mohamed Saeed), ආරක්ෂක අමාත්‍ය මොහමද් ගසාන් මව්මූන් (Mohamed Ghassan Maumoon), මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) සහ ස්වදේශ ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍ය අලි ඉහුසාන් (Ali Ihusaan) යන...
psofzDmp ජූලි ජූලි 2025

කොළඹ 03 මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

කොළඹ 03 මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (29) පැවැත්වීණි. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මහානාම විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ. එහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කෙරිණ. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ද සිදුවිය....
psofzDmp ජූලි ජූලි 2025

ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක සබඳතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු

– ජනපති ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර 60 වසරක් වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්‍රගමණය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) විසින් ඊයේ (28) රාත්‍රියේ කුරුම්බා මෝල්ඩිව්ස් (Kurumba Maldives) නිවාඩු නිකේතනයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වීමෙන් අනතුරුව...
psofzDmp ජූලි ජූලි 2025

ජනපති වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබිණි. මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මෙරට දූත පිරිස සහභාගි වූහ.
psofzDmp ජූලි ජූලි 2025

මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය

අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි මහත්වරුනි, ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි, ආයුබෝවන්, අස්සලාම් අලෙයික්කුම්, සුබ සන්ධ්‍යාවක් වේවා! ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා, සුහද හවුල්කාරිත්වය, සමීප මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව සංකේතවත් කරන මාගේ පළමු මාලදිවයින් රාජ්‍ය සංචාරයේදී මාලේ නුවර වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම සතුටක්. මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්‍යෝගයක් සහ ශක්තියක් එක් කරන බව මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වන සංවත්සරය...
Top