
psofzDmp ජූලි ජූලි 2025
ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 360කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී පැවැත්විණි. මෙහිදී අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂයධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය...