Follow Us:

Tuesday, Nov 18
psofzDmp ජූලි ජූලි 2025

ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනපති එක් වෙයි

අද (25) පෙරවරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කෙරෙන වේදිකාවක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයේ ගෝලීය සම්මේලනය කටයුතු කරයි. “ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යාපාර එක්සත් කරමින් – ඉදිරියට” මැයෙන් අද (25) සහ හෙට (26) යන දෙදින පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ඕස්ට්‍රේලියාව,...
psofzDmp ජූලි ජූලි 2025

Hotel Show Colombo – 2025 ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Hotel Show Colombo – 2025 අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය. ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරි සංගමය, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටය. 1998 වසරේ ඇරඹි කොළඹ හෝටල් ප්‍රදර්ශනය මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන අතර, මෙරට සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට එය මහඟු අවස්ථාවක් වනු ඇත....
psofzDmp ජූලි ජූලි 2025

මෙරට ආයෝජන ප්‍රමුඛතා අධ්‍යයනය කිරීමට ජපාන දූත පිරිසක්

ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම ජපන් දූත පිරිස පැමිණ තිබේ. මෙරට තුළ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ ජපන් දූත පිරිස ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ...
psofzDmp ජූලි ජූලි 2025

මහියංගණය මැදයාය, වහකෝට්ටේ මැදබැද්ද සහ කල්මුණේ අල් අසාර් යන විද්‍යාලවල සිසු සිසුවියෝ ජනපති මන්දිරය නරඹති

මහියංගණය මැද යාය මහා විද්‍යාලය, වහකෝට්ටේ මැදබැද්ද මහ විද්‍යාලය සහ කල්මුණේ අල් අසාර් විද්‍යාලයේ සිසු දරුවන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනටද සහභාගී වීමට ඊයේ (24) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. නව සමාජ පරිවර්තනයක් සමඟ රට ඉහළ තලයකට ඔසවා තැබීමේ රජයේ වැඩපිළිවෙළේදී දරුවන්ටත් වගකීමක් තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ...
psofzDmp ජූලි ජූලි 2025

වනඅලි ජීවිත සුරැකීමටත්, ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය සුරක්ෂිත කිරීමටත් ජනපතිගේ අවධානය

වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ පැවැත්විණි. දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්විය. මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. මේ...
psofzDmp ජූලි ජූලි 2025

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මෙරට සමස්ත සමාජ තලයත්, ආර්ථික තලයත් එකවර ඔසවා තැබීමට සියලු දෙනාම එක් වෙමු

සෑම දරුවෙකුටම ප්‍රශස්ථ මට්ටමේ පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නවා – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී ජනපති පවසයි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට සමස්ත සමාජ තලයත් ආර්ථික තලයත් එකවර ඔසවා තබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එය දේශපාලන අරමුණක් නොව සමාජීය අරමුණක් වන බැවින් ඊට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. කිසිදු හේතුවක් මත කිසිදු දරුවෙකු 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමෙන් තොරව පාසල් හැර නොයා යුතු බවද ජනාධිපතිවරයා...
psofzDmp ජූලි ජූලි 2025

නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. මෙහි විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේ තානාපති කාර්යාලයට අදාළ තානාපතිවරයා ලෙස පත්ව සිටින සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) මහතාද අක්තපත්‍ර භාර දුන් රාජතාන්ත්‍රිකයින් අතර වීමයි. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් විවෘත කළ පළමු මධ්‍යම ආසියානු රට වන්නේද...
psofzDmp ජූලි ජූලි 2025

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්ගලික) සමාගම්වල සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේත් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේත් සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් විය. එහිදී, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදු...
psofzDmp ජූලි ජූලි 2025

අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබෙන අස්ගිරි මහා විහාරයීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි අනුස්මරණ ශාලාව වෙත ඊයේ (22) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අතර අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය පළ කළේය. අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ...
psofzDmp ජූලි ජූලි 2025

හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ මතුව ඇති ගැටලුකාරී...
psofzDmp ජූලි ජූලි 2025

කොළඹ මහානාම විද්‍යාලයේ සිසුහු සහ පොළොන්නරුව දම්මින්න මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනපති මන්දිරය නරඹති

කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන්ට සහ පොළොන්නරුව දම්මින්න මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ඔවුන්ගේ පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනටද සහභාගී වීමට අද (22) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. එහිදී “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. නව සමාජ පරිවර්තනයක් සමඟ රට ඉහළ තලයකට ඔසවා තැබීමේ රජයේ වැඩපිළිවෙළෙහිදී රටේ සමස්ත ප්‍රජාවටම ස්වයං වගකීමක් පැවරී...
psofzDmp ජූලි ජූලි 2025

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්

ස්ථාවර ආර්ථිකයක් සමඟ ගෝලීය වශයෙන් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි. වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින් එම ශක්තිමත් පදනම මත, ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් හා නව ආර්ථික අවස්ථා ග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකාව...
Top