
psofzDmp ජූලි ජූලි 2025
ශෝක පණිවිඩය
සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා සමස්ත ජීවිතයම කැප කළ, නිහතමානී ගුණයෙන් අනූන, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ අතිශය දුර්ලභය. ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධ්‍යාපනපති අතිපූජ්‍ය ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක හිමිපාණන් වහන්සේ එබඳු දුර්ලභ සුපේෂල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. හැටහත් වසක් ඉක්මවූ ජීවිත ගමන තුළ රටටත්, සම්බුදු සසුනටත්, සමස්ත ලෝකයටත් අප අනුනායක හිමිපාණන් වහන්සේ ඉටුකළ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර උත්තරිතරය. මෙරට කීර්තිමත්...