Follow Us:

Wednesday, Nov 19
psofzDmp ජූලි ජූලි 2025

රජය වෙන් කළ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වන්න

ජනපති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දේශපාලන අධිකාරියෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලයි මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල...
psofzDmp ජූලි ජූලි 2025

ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීම වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක නිරත විය යුතුයි

හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති කියයි රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කර සිටියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය...
psofzDmp ජූලි ජූලි 2025

ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු

– ජනපති ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති උත්සව සභාව අමතමිනි. එදින පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වලද නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනතුරුව, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත...
psofzDmp ජූලි ජූලි 2025

ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ...
psofzDmp ජූලි ජූලි 2025

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ජාතික මට්ටමේ යාන්ත්‍රණයක්

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය...
psofzDmp ජූලි ජූලි 2025

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.
psofzDmp ජූලි ජූලි 2025

ජාතික පර්යේෂණ ප්‍රමුඛතා හඳුනා ගැනීමට නව කමිටුවක්

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වනදා පිහිටුවන ලදී. මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ, ජාතික සංවර්ධන ඉලක්ක හා ජාතික අවශ්‍යතා පදනම් කරගෙන රට තුළ ක්‍රියාත්මක වන විවිධ පර්යේෂණ, ඒවායේ ප්‍රමුඛතාව අනුව වර්ගීකරණය කිරීමයි. මෙම කමිටුවේ සම සභාපතිත්වය විද්‍යා සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (NASTEC)...
psofzDmp ජූලි ජූලි 2025

කළුතර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

බස්නාහිර සහ දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙරට කාර්මික සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉහළ විභවතාවක් සහිත කළුතර නගරය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කළුතර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ අවධානයට ලක් විය. ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව, ප්‍රධාන නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම කාර්යක්ෂම කර ගැනීමත්, එයින් වර්තමානයේ...
psofzDmp ජූලි ජූලි 2025

මොණරාගල විජයබාහු ද්විතියික විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නරඹති

මොණරාගල විජයබාහු ද්විතියික විද්‍යාලයේ සිසුසිසුවියන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගි වීමට අද (09) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙයට සමගාමීව, “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුදරුදැරියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් රටේ අනාගතය වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්‍යේෂණයන්හි කාර්යභාරය පිළිබඳ සිසුදරුදැරියෝ දැනුවත්...
psofzDmp ජූලි ජූලි 2025

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, වසර 2030 වන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳවද අවධානයට යොමු විය. එහිදී, ප්‍රධාන අභියෝගයක්ව පවත්නා නීති සංශෝධනය...
psofzDmp ජූලි ජූලි 2025

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නරඹති

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (08) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ඒකාබද්ධව පාසල් ළමුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනට සමගාමීව, “ Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබදව සිසුදැරියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. මීට අමතරව, විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් රටේ අනාගතය වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණ පර්‍යේෂණයන්හි...
psofzDmp ජූලි ජූලි 2025

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වා ගෙන යන ආකාරය හා දේශීය වශයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය,...
Top