Follow Us:

Wednesday, Nov 19
psofzDmp ජූලි ජූලි 2025

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශුද්ධ වූ පූජකවරයේ ස්වර්ණ ජයන්ති උපහාර උලෙළ ජනපති සහභාගිත්වයෙන්

පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක්  – ජනපති පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් අද (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි. සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය...
psofzDmp ජූලි ජූලි 2025

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

දකුණු පළාතේ අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 361කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කෙරේ වත්මන් රජය ජනාධිපතිගේ අරමුදල ජනතාවගේ අරමුදලක් කළා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පසුගිය 2023 සහ 2024 වසර දෙක තුළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව දකුණු පළාතේ  අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම  රුහුණු විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී ගාල්ල, මාතර...
psofzDmp ජූලි ජූලි 2025

ජනාධිපති අරමුදලෙන් දකුණු පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය නිලධාරීන් සඳහා වැඩමුළුවක්

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ දකුණු පළාත් වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි. ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට ජනාධිපති අරමුදල පියවර ගෙන තිබේ. ඒ අනුව, මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු සහ ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරින් වෙනුවෙන් සිදුකරන විශේෂ පුහුණු වැඩමුළු මාලාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර එය පසුගිය...
psofzDmp ජූලි ජූලි 2025

කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (04) පැවැත්වීණි. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයට මෙම අවස්ථාව හිමි වී තිබේ. එහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකාවන්ව අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් සිදු කෙරිණ. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකාවන් හට සහභාගිත්වය වෙනුවෙන් සහතික...
psofzDmp ජූලි ජූලි 2025

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ඇරඹෙයි

ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන්  ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමයි ජනපති රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්...
psofzDmp ජූලි ජූලි 2025

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී. මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
psofzDmp ජූලි ජූලි 2025

ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන්

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ තෙදින වැඩසටහන ඊයේ (03) අරලියගහ මන්දිරයේදී සාර්ථකව අවසන් විය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි සහ ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර යන මහත්වරු මෙම තෙදින වැඩසටහනට ආරාධිතයෝ ලෙස සහභාගි වූහ. විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ...
psofzDmp ජූලි ජූලි 2025

ජනාධිපති ලේකම් හා නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා රජය විසින් මෙම කාර්යයේදී දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) ස්තුතිය පළ කළ අතර, දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් ලෙස සලකන බවද ප්‍රකාශ කළාය. යටත් විජිත ලෙස...
psofzDmp ජූලි ජූලි 2025

ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු මෙරට ආයෝජන අවස්ථා සොයා බලති

ආයෝජන වලදී සිදු වූ දූෂණය පිළිබඳ අමිහිරි අත්දැකීම් තවත් නැහැ ජනපති පවසයි ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති. පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී....
psofzDmp ජූලි ජූලි 2025

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කෙරේ

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ ජනමාධ්‍ය ආයතන දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩමුළුවක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) පස්වරුවේ පැවැත්විණි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, සමාජය සවිබල ගැන්වීමේ බහුවිධ ප්‍රවේශයක් සහිත වැඩසටහනක් ලෙස ප්‍රජාශක්ති ජාතික වැඩසටහන මෙම ජූලි 4 සිකුරාදා දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ...
psofzDmp ජූලි ජූලි 2025

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරය නරඹති

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත. මෙම වැඩසටහන අතරතුර, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ජනමාධ්‍ය සතු වගකීම්, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ වැදගත්කම...
psofzDmp ජුනි ජූනි 2025

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවය ජනපති සහභාගීත්වයෙන්

විනය සහ මනුෂ්‍යත්වයේ ජීවය යළි කැඳවාගෙන එමින් අධ්‍යාත්මිකව සංවර්ධනය වූ සමාජයක් ගොඩනැඟිය යුතුයි – ජනපති බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක...
Top