Follow Us:

Wednesday, Nov 19
psofzDmp ජූලි ජූලි 2025

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරය නරඹති

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත. මෙම වැඩසටහන අතරතුර, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ජනමාධ්‍ය සතු වගකීම්, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ වැදගත්කම...
psofzDmp ජුනි ජූනි 2025

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවය ජනපති සහභාගීත්වයෙන්

විනය සහ මනුෂ්‍යත්වයේ ජීවය යළි කැඳවාගෙන එමින් අධ්‍යාත්මිකව සංවර්ධනය වූ සමාජයක් ගොඩනැඟිය යුතුයි – ජනපති බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක...
psofzDmp ජුනි ජූනි 2025

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

රට නව තලයකට ඔසවා තැබීමේදී දියුණු පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා - ජනපති පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා එසේම, මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු...
psofzDmp ජුනි ජූනි 2025

කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය දැනුවත් කෙරේ

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ විය. මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ කෘත්‍රීම බුද්ධිය භාවිතය මගින් කාලීන...
psofzDmp ජුනි ජූනි 2025

ජනපති හා දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙය සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් පැවසූ හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය. දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින්...
psofzDmp ජුනි ජූනි 2025

ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමටත්, මානව හිමිකම් සුරැකීමටත් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙනවා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ...
psofzDmp ජුනි ජූනි 2025

කතරගම ඇසළ මහෝත්සවයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ සහ නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්ප අනුව යමින්, කතරගම ඇසළ මහෝත්සවයට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීමේ සහ නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (26) පෙරවරුවේ කතරගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව එක් ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ආරම්භ කරමින් ක්ලීන් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දසුන් විජේසේකර මහතා ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව පැහැදිලි කළේය. මගීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ බැතිමතුන් ඇතුළු දිවයිනේ නන්දෙසින් පැමිණි සියලු ජන කොටස් ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීම සිදු කෙරිණි. පාසැල් සිසුන්ගේ...
psofzDmp ජුනි ජූනි 2025

“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව “Clean Steps – Safety Roads – Be united for road safety” මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් අද (26) රුහුණු විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ හා මාතර වෙරළ උද්‍යානය අසලදී පැවැත්විණි. ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වයෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන මාර්ග ආරක්ෂක සංදර්ශණය මාතර වෙරළ උද්‍යානය අසලදී අද පෙරවරු 8.00...
psofzDmp ජුනි ජූනි 2025

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත. ඉන් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබේ. රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී...
psofzDmp ජුනි ජූනි 2025

විද්‍යා, පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රවල තරුණ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට NIRDC, ADB සහ JICA අතර සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්විණි. ව්‍යවසායක ක්ෂේත්‍රයේ අනාගත නායකයින් ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීමත්, විශේෂයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍ර ආශ්‍රිත ප්‍රාරම්භ-ව්‍යාපාර (startups) සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) තිරසාර සහ ස්ථායී ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමට දිරිගැන්වීමේ අවශ්‍යතාවත් මෙම සාකච්ඡාවලදී අවධාරණය කෙරිණි. අඛණ්ඩව සිදු කෙරෙන මෙම සාකච්ඡාවලින් අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහායද ලබා...
psofzDmp ජුනි ජූනි 2025

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

ජූලි 04 වන දා ඇරඹේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන "ප්‍රජාශක්ති" ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජූලි මස 04 වන දා ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව, එම කමිටු සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන...
psofzDmp ජුනි ජූනි 2025

සංචාරක ආකර්ෂණය වැඩිකිරීමේ අරමුණින් වැලිකන්ද නෙළුම්වැව උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට සැලසුම් කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් සකස් කර ඇත. මීට අදාළ සාකච්ඡාවක් අද (24) දින පෙරවරුවේ එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් දක්වන උනන්දුව අඩු වීමට හේතුවක් වී තිබිණි. මෙම සාකච්ඡාවේදී නෙළුම්වැව උණුදිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, එහි ඇති සංචාරක සහ තාක්ෂණික විභවතාව මෙන්ම වත්මන්...
Top