
psofzDmp ජුනි ජූනි 2025
වන අලි ගැටලුව විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වගකිව යුතු නිලධාරින්ගෙන් සමන්විත කමිටු පත් කෙරේ
ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විධිමත් මෙහෙයුමක් ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය. මෙහිදී වන අලි ගැටලුව බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර, මෙයට අදාළව,...