Follow Us:

Saturday, May 10
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව ගැනිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් මලර්මතී ගංගාධරන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පස්වරුවේ පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මේ අනුව එහි එක් පියවරක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනයට, යෝජනා ගෙන ඒමට කමිටුවක්

ජනපති සහ රාජ්‍ය පරිපාලන ඇමති ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට අවධානය ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව (2024-12-09)

පසුගිය ජනවරම අපි සෑම දෙනාටම, සමාජයේ අපේක්ෂාව පෙන්නුම් කර තිබෙනවා. විවිධ අවස්ථාවල අපේ රටේ ජනවරම එක එක ආකාරයට ප්‍රකාශයට පත්ව තිබෙනවා. විටෙක යුද්ධය අවසන් වීම හේතු කොටගෙන, ජනවරම ප්‍රකාශයට පත්ව තිබෙනවා. තව විටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම වෙනුවෙන් ජනවරමේ ප්‍රධාන ලක්ෂණයක් පිළිඹිබු වෙලා තිබෙනවා. මා හිතන්නේ 2024 වසරේ ජනවරමේ ප්‍රධානතම පංගුව තිබෙන්නේ අල්ලසට සහ දූෂණයට එරෙහි ජනතාවගේ වුවමනාවයි. මෙතැන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවාව නියෝජනය කරමින් ඇතුළු ඉතා වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින්...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මේ අනුව එහි එක් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.‍
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවෙමු

2024 ජනවරම යනු වංචා දූෂණය පිටුදැකීම වෙනුවෙන් ලබා දුන් ජනවරමක් අල්ලස්  හෝ දූෂණ කොමිසම 2021 වසරේ  පැවරූ නඩු 69න් 40ක්  2022 වසරේ පැවරූ නඩු 89 න් නඩු 45ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට හෙළි කළ යුතුයි ශ්‍රී ලංකාවේ නීතිය මෙතෙක් මකුළුදැලක් ලෙස ක්‍රියාත්මක වී පොඩි සතුන් එම දැලට හසුවුණා. ලොකු සතුන් මකුළුදැල බිඳ ගෙන ගියා ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට නම් රාජ්‍ය පද්ධතියම නව ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමේදී ජනපති කියයි කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

නාඩු තොග 225යි, සිල්ලර 230යි

පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග ජනපති අවධාරණය කරයි – සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට – ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි – සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි – කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව ජනපති විමසයි දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙනවා

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා කියයි වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමටද සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකානු රජය සූදානම් බවද...
Top