Follow Us:

Saturday, May 10
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි – ජනපති සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය. නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත්, සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා  නිසි වේලාවට බදු අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය. සුරාබදු අය...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙනවා

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට සිදු වන්නේ නැහැ ජනපති අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත්, රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

ලෝක බැංකුව රජයේ Clean Sri Lanka වැඩසටහනට සහාය ලබා දෙන බව පවසයි රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ද සඳහන්...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වූහ.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වූහ.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක්

සහල් හිඟයකින් තොරව සාධාරණ මිලට, අඛණ්ඩව ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කළේය. සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත භාර දුන්නේය.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී. 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ. බුර්කිනා ෆාසො (Burkina Faso), බොස්නියාව සහ හර්සෙගොවිනා (Bosnia and Herzegovina) , අසර්බයිජාන ජනරජය (The Republic of Azerbaijan), ජෝර්ජියාව (Georgia), බෙලාරූස් ජනරජය (The Republic of Belarus), ආමේනියා ජනරජය(The Republic of Armenia), ස්පාඤ්ඤ රාජධානිය (The Kingdom of Spain), කොංගෝ ජනරජය (The Republic of Congo), සහ ගිනියා ජනරජය (The Republic of Guinea) සඳහා නව...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

2025 දී විවෘත කෙරෙන දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාවද එක් වෙයි ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි උතුර සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉහළ නැංවීමට ද අවධානය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය...
psofzDmp නොවැ. නොවැම්බර් 2024

අමාත්‍යාංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පිරිනැමිණ. ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා පත් කර ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර තිබේ.
Top