
New Admin සැප්. සැප්තැම්බර් 2025
විදේශයන්හිදී ආපදාවට ලක් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර වැඩසටහනක්
විදේශ රටවලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ. ‘කිසිවෙක් අධ්‍යාපනයෙන් මගහැරීමට ඉඩ නොදීම’ යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්,...