Follow Us:

Tuesday, Nov 18
New Admin සැප්. සැප්තැම්බර් 2025

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (04) පවත්වන ලදී.   ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක් ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අවස්ථාව හිමි වී තිබේ.   එම වැඩසටහනට සමගාමීව, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික-සාමාජිකාවන්හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්‍යභාරය මෙන්ම, ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද අවස්ථාව උදා විය.  ...
New Admin සැප්. සැප්තැම්බර් 2025

159 වන පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

• කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තබන්නේ නැහැ • මහජන ගෞරවය, විශ්වාසය සහ ළෙන්ගතුකම සහිත නූතන පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැඟීමට එක් වෙමු - ජනපති   කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය කිසිදු බාධාවක් නොවන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අපරාධයට හිමි දඬුවම කවදාද, කොතැනද කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “නීතිය සුරකිමු...
New Admin සැප්. සැප්තැම්බර් 2025

නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.   මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.   විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.   මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස...
New Admin සැප්. සැප්තැම්බර් 2025

ජනාධිපති කාර්යාලය අසලින් පිණ්ඩපාත චාරිකාවේ නිරත වූ මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීමට ජනාධිපති ලේකම්ද එක් වෙයි

කොටුව, සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින් අද (03) උදෑසන ආරම්භ වූ පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලය වෙත වැඩම කළ අවස්ථාවේදී මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක් විය.   දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති පිරිවෙන් සහ දහම් පාසල්හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සුබසාධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් මහනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව විසින් වාර්ෂිකව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කරනු ලබයි.   මෙවර සියක් නමක් මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ නිරත වූ අතර කොළඹ...
New Admin සැප්. සැප්තැම්බර් 2025

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කරේ

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.   සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.   සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.   සංචාරක...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

මුලතිව් වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ආර්ථික ශක්‍යතා හඳුනා ගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යනවා – ජනපති ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් සහ ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාම වත්මන් රජයේ අරමුණ බවත්, ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන්

උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරනවා – ජනපති උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ එම ජනතාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා, උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය. එසේම, උතුරේ...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් පලෙයි නගරයේදී ආරම්භ කෙරේ

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය. යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ යටතේ 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

ජනපති අදත් උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය. ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත්වේ. 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර 2027 වර්ෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය. උතුරේ පළමු...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

සියලු සීමාවන් සහ වෙනස්කම් දෙවැනි කොට ක්‍රීඩාවෙන් ජනතාව එක් කළ හැකියි – ජනපති පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බවත්, සියලු දෙනා තැබු එම විශ්වාසය සුරකිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන තුරු එම දෑත් අත් නොහරින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි. දිගු...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

යාපනය පුස්තකාලයේ ඊ- පුස්තකාල වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library) ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01) පෙරවරුවේ ආරම්භ කෙරිණි. ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. යාපනයේ ජනතාවගේ අභිමානයේ සංකේතයක් වු යාපනය මහජන පුස්තකාලය ආසියාවේ විශාලතම පොත් එකතුවකින් යුත් පුස්තකාලයක් වන අතර පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දෙස් විදෙස් පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් දෛනිකව එය පරිශීලනය කරති....
Top