Follow Us:

Tuesday, Nov 18
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය ජනපති අතින් විවෘත කෙරේ

ලබන වසර වන විට රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර ගැනීමේ පහසුකම් ජනතාවට ලබා දෙනවා ජනපති ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ තුන්වන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

උතුරේත්, දකුණේත් ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කරමින් එම ධීවර ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙන්ම ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් වෙමිනි. පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

ජනපති අද යාපනයේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය. යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා...
psofzDmp සැප්. සැප්තැම්බර් 2025

රාජ්‍ය ආයතන තුළ සංවිධිත බව පවත්වා ගැනීම සඳහා ‘සෙයිරි සතිය’ අද (01) ඇරඹේ

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ නමින් විශේෂ වැඩසටහනක් අද (01) සිට සැප්තැම්බර් 04 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා නිදහස්, පිරිසිදු සහ සෞඛ්‍යාරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි. ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ....
psofzDmp අගෝ. අගෝස්තු 2025

ජනාධිපති අරමුදලෙන් උතුරුමැද පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසුන් 241 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල්...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ජනාධිපති ලේකම් හමු වෙයි

මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම පවත්නා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්නය මෙහිදී ෆ්‍රැන්සුවා වැලරියන් මහතා වෙත පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර ඇති බවත්, ඒවා දැනටමත් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළේය. අල්ලස සහ...
psofzDmp අගෝ. අගෝස්තු 2025

කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා – ජනපති අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාල ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට...
psofzDmp අගෝ. අගෝස්තු 2025

සංචාරක කර්මාන්තයේ නියැළෙන පෞද්ගලික අංශයට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක නිවාඩු නිකේතන බවට පත් කිරීමට ආයෝජනය කරන්න – ජනපති සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (29) පස්වරුවේ පැවැත්විණි. 2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ...
psofzDmp අගෝ. අගෝස්තු 2025

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

පාසල් පද්ධතිය විධිමත් කිරීම සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ මූලික අවධානය යොමු කරන්න – ජනපති සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වන පරිදි මෙරට පාසල් පද්ධතිය විධිමත් කිරීම සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙසත්, රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කළ යුතු ආයෝජන නිසි පරිදි සිදු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම දිවයින පුරා විසිරී තිබෙන වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් වෙනුවට, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ මැදිහත්වීමෙන් ජාතික වෘත්තීය අධ්‍යාපන සැලැස්මක්...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි. ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු...
psofzDmp අගෝ. අගෝස්තු 2025

“ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව” ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන “ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026” වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දීම අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඒ අනුව, පර්යේෂණ සහ නවෝත්පාදනය මත පදනම් වූ ජාතික සංවර්ධනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කෙරෙන මෙම වාර්තාව ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජී.ඩබ්ලිව්.ඒ. රොහාන් ප්‍රනාන්දු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙන ලදී. මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ජාතික පර්යේෂණ...
psofzDmp අගෝ. අගෝස්තු 2025

සෙරමික් කර්මාන්තයේ දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ සහාය ලබා දෙනවා – ජනපති සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි. මෙරට තුළ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් අපනයන ආදායම වර්ධනය කර ගැනීම සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජයේ සැලසුම් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව දැනට පවතින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ටයිල්, නාන කාමර උපාංග සහ...
Top