Follow Us:

Tuesday, Nov 18
psofzDmp අගෝ. අගෝස්තු 2025

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමේ නව සැලසුම් ජනපතිගේ අවධානයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමත්, ජාතික ආර්ථිකයට වන ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් අරමුණු කර...
psofzDmp අගෝ. අගෝස්තු 2025

කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (26) පවත්වන ලදී. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ. මෙහිදී, එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්‍ය සහ කර්තව්‍ය මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය....
psofzDmp අගෝ. අගෝස්තු 2025

ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

අපනයනකරුවන්ට පහසුකම් සැපයීමට රජය සූදානම් ලබා දෙන පහසුකම්වලට සාධාරණ බදු ගෙවන්න ජනපති අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේදී පැවැත්විණි. සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමටත්, ආර්ථිකයෙහි යම් ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකා රජය මේ වන විට සමත් වී ඇති නමුත් රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉතා වැදගත් වන ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීමේ...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතුයි – ජනපති ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනි. ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදනවලින්...
psofzDmp අගෝ. අගෝස්තු 2025

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙම අංශවලට...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳ සබරගමුව පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යායතන පිරිවෙන් හිමිවරු, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය නරඹති

ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යාතන පිරිවෙන් හිමිවරුන්ට, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට ඊයේ (22) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා විසින් නීතියේ ආධිපත්‍යය මෙන්ම ආකල්ප සංවර්ධනය, පාසල් අධ්‍යාපනය තුළින් ලබාගත හැකි ජයග්‍රහණ සම්බන්ධවද මෙහිදී පාසල් සිසුන් වෙනුවෙන් හරවත් දේශනයක් සිදුකරනු ලැබීය. මෙම...
psofzDmp අගෝ. අගෝස්තු 2025

නව දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙක් ජනපති හමුවෙති

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙකු සමඟ අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන් වෙත සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී කිසිදු බේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රේගු නව්‍යකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කර ඇති අතර, ඒ පිළිබඳව ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් වූහ. එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ...
psofzDmp අගෝ. අගෝස්තු 2025

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 29 මගින් 2025 අයවැය ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය, එහිදී මතුව ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි. පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ...
psofzDmp අගෝ. අගෝස්තු 2025

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන ලබා දීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට ජනාධිපති අරමුදලේ සහාය

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට වඩා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි. ආබාධ සහිත වූවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් සපයන සේවා තව දුරටත් පුළුල්ව සහ විධිමත්ව සැපයීමත්, ඒ සඳහා ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. ආබාධ සහිත වූවන් සඳහා ලබා දෙන වෛද්‍යාධාර දීමනා...
Top