
psofzDmp අගෝ. අගෝස්තු 2025
ශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් දැනුවත් කිරීමක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global Innovation Index) අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්‍යා, තාක්ෂණ, අධ්‍යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ජ්‍යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි. ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම...