Follow Us:

Wednesday, Nov 19
psofzDmp පෙබ. පෙබරවාරි 2025

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කෙරේ

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දුන්නේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.
psofzDmp පෙබ. පෙබරවාරි 2025

අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ දළදා ප්‍රදර්ශනයක්

ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දකියි සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ පිළිබඳ අද මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව සම තරගකරුවෙක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි

The Innovation Island Summit – 2025 සමුළුව අමතමින් ජනපති පවසයි නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ITC රත්නදීප හෝටලයේ ඊයේ (20) පැවති The Innovation Island Summit - 2025 සමුළුව...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනපති සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) යන මහත්වරුන් අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ විදේශ අමාත්‍යවරයා, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සිය සතුට ප්‍රකාශ කළේය. රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන පුදුමයට පත්වන බවත්, ආර්ථික අර්බුදයෙන් මාලදිවයින ගොඩනැඟීමට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනාධිපති ලේකම් සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින් එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට මෙහිදී සාකච්ඡා විය. එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් මෙවර අයවැයෙන් මූලික පියවර තැබුවා

නිවැරදි ආර්ථික කළමනාකරණය තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් අපේක්ෂා කරනවා - 2025 පශ්චාත් අයවැය කතිකාවතට එක්වෙමින් ජනපති පවසයි පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ,...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.
psofzDmp පෙබ. පෙබරවාරි 2025

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනාධිපති ලේකම් සහ තුර්කි තානාපතිවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අඛණ්ඩ සහාය ලබා දෙන බවට තුර්කි තානාපතිවරයාගෙන් සහතිකයක්   ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අතර හමුවක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට අඛණ්ඩ සහාය ලබා දෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා සඳහන් කළේය. රජය විසින් ක්‍රියාවට නංවා ඇති “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පිළිබඳ...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබ සිටිති. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරති. සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධූරයද දරනු ලබන උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බුයි තාන් සන් මහතා අතර සාකච්ඡා

- ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය   කර ගැනීමට අවධානය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින සහයෝගීතාව සහ  මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමට වියට්නාමය කැප වී සිටින බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අරමුණු ඉටු කර ගැනීමේදී තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට වියට්නාමය සූදානම් බවත් වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය  හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය බුයි තාන් සන් මහතා (Bui Thanh Son) ප්‍රකාශ කළේය. එක්සත් අරාබි  එමීර් රාජ්‍යයේ පැවැති  2025 ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ඊයේ (12), ජනාධිපති අනුර කුමාර...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනපති හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානීන් අතර හමුවක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා අතර හමුවක් ඊයේ (12) පැවැත්විණි. මේ හමුව සඳහා ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ ඩුබායිහි පළමු නියෝජ්‍ය පාලක, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ මුදල්...
Top