Follow Us:

Wednesday, Nov 19
psofzDmp පෙබ. පෙබරවාරි 2025

2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කළ කතාව

“ගෞරවනීය රාජ්‍ය නායකයිනි, විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිතවරුනි, සම්භාවනීය අමුත්තනි, මාධ්‍යවේදී හිතවතුනි, මානව ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටිමින් , පෙර නොවූවිරූ ගෝලීය සහයෝගීතාවයක් ඉල්ලා සිටින මොහොතක පැවැත්වෙන මේ සුවිශේෂී සමුළුව ඇමතීමට ලැබීම මා හට ඉමහත් සතුටක්. මගේ රට අපූර්ව ඉතිහාසයකිනුත්, අනාගතය පිළිබඳව සුභ සිහින දකින වර්තමානයකිනුත්, පුළුල් දේශපාලන සහ සමාජ දැනුමකිනුත් සන්නද්ධ පුරවැසියන්ගෙන් සමන්විත සුන්දර දිවයිනක්. ලෝකයේ ඕනෑම රටක සිදුවන සිදුවීමක් පිළිබඳව සහකම්පනයක් මගේ රටේ ජනතාව තුළ තිබෙනවා. ඔවුන් සම්ප්‍රදායට ආදරය කරනවා සේම, වෙනස් විය යුතු තැන ඉතා සබුද්ධිකව වෙනස්වීමට...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා ඔරකල් සමාගමේ සහාය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඊයේ (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක් විය. ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කළ අතර, දත්ත ස්වෛරීභාවය සහ නියාමන අනුකූලතාව සහතික...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ලේකම් ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මාර්තු මස 10 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අක්තපත්‍ර ප්‍රදානෝත්සවය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සියලු අනුග්‍රහය නොපිරිහෙළා ලබා දෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය....
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ලෝක රාජ්‍ය සමුළුවට සමගාමීව ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක

පාකිස්ථාන අගමැති, බ්‍රිතාන්‍ය හිටපු අගමැති හමු වේ දූෂණයෙන් තොර පාලනය රාජ්‍ය නායකයින්ගේ පැසසුමට 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු විය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් අද (11) සිදු විය. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම්...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

කොළොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

කොළොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (11) පවත්වන ලදී. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අවස්ථාව හිමි වී තිබේ. එම වැඩසටහනට සමගාමීව කොළොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය හා පාර්ලිමේන්තුවේ කාර්‍ය හා කර්තව්‍ය මෙන්ම ක්ලින් ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳවද අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය. මෙහිදී කොළොන්නාව බාලිකා...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනාධිපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කරන තෙදින සංචාරයේ දෙවන දිනය අදයි

* ලෝක රාජ්‍ය සමුළුව ඇරඹෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය අදයි (11). අද දිනයේදී ජනාධිපතිවරයා ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර, සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමටද අපේක්ෂා කරයි. ඒ අනුව, ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමඟද, අනතුරුව, කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා සමඟද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතය. එසේම,...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ශක්තිමත් ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක් අත්‍යවශ්‍යයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී අද (10) රැස් වූ අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි . සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ වේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනපති මහත් හරසරින් පිළිගැනේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය. එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි. මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා , ඩුබායි...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බව අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජනපති හා ජපානයේ නිපොන් පදනමේ සභාපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර සිටියේය. මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය. විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි

- ජනපති ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකිය. ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම්...
psofzDmp පෙබ. පෙබරවාරි 2025

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු.

අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින් සිටිමු. අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන්...
Top