Follow Us:

Wednesday, Nov 19
psofzDmp ජන. ජනවාරි 2025

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ප්‍රධාන අභියෝග සහ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර අදාළ පාර්ශ්වකරුවන් විසින් අදහස් හුවමාරු කර ගැනීම සහ මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් හඳුනා ගැනීමද සිදු විය. මෙම...
psofzDmp ජන. ජනවාරි 2025

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පැවසුවාය. මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද එකඟ වුවාය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති...
psofzDmp ජන. ජනවාරි 2025

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම අත්‍යවශ්‍යයි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (22) රැස්...
psofzDmp ජන. ජනවාරි 2025

නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ

බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිතව අනාගත පරම්පරාවට ලබා දීම සියලු දෙනාගේ වගකීමක් - ජනපති නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන බවත් එනයින් බෞද්ධ සම්ප්‍රදාය අනාගත පරම්පරාවට සුරක්ෂිතව ලබා දීම සියලු දෙනාගේම වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ...
psofzDmp ජන. ජනවාරි 2025

රටේ සෑම ජන කොටසක්ම සහභාගි කර ගනිමින්, සංකේන්ද්‍රණය වී ඇති ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අරමුණින් මෙවර අයවැය ඉදිරිපත් කරනවා

- ජනපති රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි. ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ වැදගත්කම මෙන්ම විමධ්‍යගත මන්ත්‍රී අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි . පොදු ප්‍රවාහනය ශක්තිමත්...
psofzDmp ජන. ජනවාරි 2025

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දෙනවා

- ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් දුප්පත්කම සහමුලින්ම තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි - ජනපති රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා මේ බව කියා සිටියේය. තරුණ තරුණියන්ට රැකියා...
psofzDmp ජන. ජනවාරි 2025

චීන රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කළ ජනපති අද රාත්‍රියේ දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව සිදු විය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ (Dongfang Electric Corporation) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර...
psofzDmp ජන. ජනවාරි 2025

ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නව තලයකට

ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් අතර හමුවේ දී අවධාරණය කෙරේ චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදු විය. සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැකගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ,...
psofzDmp ජන. ජනවාරි 2025

ජනපති චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිතය. ඉන් අනතුරුව දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට සැලසුම් කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා හමුවන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද නියමිතය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත...
psofzDmp ජන. ජනවාරි 2025

ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක් රටට අත් කර දෙමින් ජනපතිගේ චීන රාජ්‍ය සංචාරයේ තෙවන දිනය සාර්ථකව නිමාවට පත් කෙරේ

චීනයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට මෙන්ම දුප්පත්කම තුරන් කිරීම සඳහා ආදර්ශයක් වන චීන ගම්මානයක් නැරඹීමට ද හෙට ජනාධිපතිවරයා එක් වෙයි ජනපති හෙට සිචුවාන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා සමඟ  ද විශේෂ සාකච්ඡාවක සිය චීන රාජ්‍ය සංචාරයේ තෙවන දිනය වන අද (16) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙන විශේෂ සාකච්ඡා කිහිපයකට එක් විය. ඒ අනුව අද පෙරවරුවේ විශේෂ ආයෝජන සැසියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර චීනයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධානීන්...
psofzDmp ජන. ජනවාරි 2025

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීමට වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙනවා

- චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය. චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි...
psofzDmp ජන. ජනවාරි 2025

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් චීනය කැපවී සිටිනවා

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පැවසීය. චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා අතර හමුව අද (16) පෙරවරුවේ සිදු කෙරුණු අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී සභාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා...
Top