Follow Us:

Wednesday, Nov 19
psofzDmp ජන. ජනවාරි 2025

ආයෝජන ප්‍රවර්ධනයට ජනපති ලොව ප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡා

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය. ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම (Metallurgical Corporation of China Ltd), හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්‍රමුඛ සමාගම් සමඟ විශේෂ සාකච්ඡා...
psofzDmp ජන. ජනවාරි 2025

ජනාධිපති ලේකම් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති ඛලීඩ් නසර් අල්අමේරි (Khaled Nasser AlAmeri) මහතා අතර හමුවක් අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අඛණ්ඩ සහාය ලබා දෙන බව තානාපතිවරයා මෙහිදී පැවසීය. නව දේශපාලන ප්‍රවාහය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා යහපත් අවස්ථාවක් උදා වී තිබෙන බව පෙන්වා දුන්...
psofzDmp ජන. ජනවාරි 2025

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ. චීනයෙන්...
psofzDmp ජන. ජනවාරි 2025

ජනපති චීන ආයෝජකයන් හමුවෙයි

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය. චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ "ආයෝජන සැසියේ" ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනයට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබිණි. චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China...
psofzDmp ජන. ජනවාරි 2025

ජනපති රාජ්‍ය චීන සංචාරයේ සාර්ථක තෙවැනි දිනය අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී...
psofzDmp ජන. ජනවාරි 2025

චීන ජනපති ෂී ජින් පිං මහතාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් - චීන ජනපති දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු...
psofzDmp ජන. ජනවාරි 2025

චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබිණි. මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත්...
psofzDmp ජන. ජනවාරි 2025

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට චීන ජනපති ෂී ජින් පිං හමු වෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.
psofzDmp ජන. ජනවාරි 2025

තෛපොංගල් සුබපැතුම් පණිවිඩය

“අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව වැසි සියලුම දෙමළ හා හින්දු ජනතාව මහත් භක්ති පූර්වකව සමරන්නකි. සශ්‍රීක වූ අස්වැන්නකට දායක වන සූර්යයා, මිහිකත, වර්ෂාව සහ ගව-මහීෂාදීන් වෙත ස්තූති කරමින් කෘතගුණ දැක්වීම මෙදින කාර්‍යයයි. මෙම උලෙළ පැවැත් වෙන්නේ දෙමළ දින දර්ශනයට අනුව ‘තායි’ මාසයේ පළමු දින ය. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම, එනම්, ‘උත්තරායනය’ ඇරඹෙන්නේ තෛපොංගල් දිනයෙනි. නව දිශාගත වීමක් මෙන්ම මිනිස් සමාජයෙහි අභ්‍යන්තර-බාහිර සහජීවන පැවැත්මද තෛපොංගල් උත්සවයෙහි අත්‍යාර්ථ වේ. මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වැඩිවර්ධනය කරමින් සමාජයීය...
psofzDmp ජන. ජනවාරි 2025

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේය. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතය. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා...
psofzDmp ජන. ජනවාරි 2025

ජනපති සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේදී පිටත් වේ

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) මහතා, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතය. එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික...
psofzDmp ජන. ජනවාරි 2025

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත. එසේ පත් කරනු ලැබූ...
Top