Follow Us:

Wednesday, Nov 19
psofzDmp ජන. ජනවාරි 2025

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙති

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන්හ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
psofzDmp ජන. ජනවාරි 2025

නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා ලංකා රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි.

පරීක්ෂන මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක් වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්‍රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇත. ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලංකා...
psofzDmp ජන. ජනවාරි 2025

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබීය.
psofzDmp ජන. ජනවාරි 2025

අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති

අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
psofzDmp ජන. ජනවාරි 2025

ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.
psofzDmp ජන. ජනවාරි 2025

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි

නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන හරහා සිදු කළ හැකියි - ජනපති පර්යේෂණ සහ සංවර්ධනය වාණිජකරණය තුළින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟිය හැකියි - ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය . ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්...
psofzDmp ජන. ජනවාරි 2025

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ. "Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය....
psofzDmp ජන. ජනවාරි 2025

මෝටර් රථ ආනයනය, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා

වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව...
psofzDmp ජන. ජනවාරි 2025

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති ශ්‍රී ලංකාවේ "Clean Sri Lanka" වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට JICA පොරොන්දු වෙයි ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි. ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ...
psofzDmp ජන. ජනවාරි 2025

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 05 දෙනෙක් පත් කෙරෙති

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරු සතු වගකීමක් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ විදේශගත සේවක සුබසාධනය වෙත විශේෂ අවධානය යොමු කරන්න - නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරමින් ජනපති පවසයි ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර...
psofzDmp ජන. ජනවාරි 2025

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එසේ මහජන අපේක්ෂා බිඳ...
psofzDmp ජන. ජනවාරි 2025

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කෙරෙති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය. ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුද අදළ පත්වීම් ලිපි ලබා ගත්හ.
Top