Follow Us:

Tuesday, Nov 18
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වූහ. අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 දක්වා

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (22) කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කෙරුණ අතර ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබීය. මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර්...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දියානු සංචාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. අනතුරුව මල්වතු මහා නා හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාදය පළ කළහ. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා

- ජනපති අනුර කුමාර දිසානායක අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි. ආණ්ඩුවේ...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේදී සහාය ලබාදීම පිළිබඳව ජනපති චීන රජයට කෘතඥතාව පළ කරයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) හමු වූ අවස්ථාවේදීය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

යළි කිසිඳු දිනෙක 2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ යළි ඇති වීමට අප ඉඩ දෙන්නේ නැහැ‍

- ජනපති පාර්ලිමේන්තුව අමතමින් පවසයි ඊයේ දිනයේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක විවාදයක් පැවැත් වුණා. ඒ විවාදයේදී වර්තමාන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම දක්වා වූ ගමන් මාවතත්, එහිදී අත්පත් කර ගෙන තිබෙන කාර්යභාරයන් පිළිබඳව විවාදයේදී සාකච්ඡා වුණා. එම නිසා මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 2028 වන විට අපට ණය ගෙවීමට සිදු වෙනවා, ඊට පස්සේ අපේ රට නැවත බංකොලොත්භාවයට යනවා කියලා නැවත සමාජයේ මතවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. 2028 තිබෙන්නේත් අපේ ආණ්ඩුව බව මතක තබාගන්න. මේ රට යළි කිසිඳු...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති යළි දිවයිනට

ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක් වූහ.
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය භෝජන සංග්‍රහයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද කතාව

ඉන්දීය ජනරජයේ ජනාධිපතිනිය අතිගරු ද්‍රෞපදි මුර්මු මහත්මියනි, අග්‍රාමාත්‍ය අතිගරු නරේන්ද්‍ර මෝදි මහත්මාණනි, ගරු ඇමතිවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, ආයුබෝවන්!, වනක්කම්!, නමස්තේ!, සුබ සන්ධ්‍යාවක්! , ජනාධිපතිතුමියනි, ඔබගේ කාරුණික අදහස් මම ඉතා ඉහළින් අගය කරමි. ඔබේ රට තුළ දී මාගේ කණ්ඩායම සහ මා වෙනුවෙන් ඉතාමත් සුහදශිලීව සිදු කරනු ලැබූ ආගන්තුක සත්කාර පිළිබඳව ඔබතුමියට සහ ඉන්දීය රජයට මෙන්ම ජනතාවටද මගේ අවංක ස්තුතිය සහ ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට අවසරයි. අපගේ ඉන්දියානු මිතුරන් වෙත ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ද මම මෙහිදී ගෙන එනු කැමැත්තෙමි....
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති බුද්ධගයාව වැඳ පුදා ගනී

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ ‍ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරයත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ ආශීර්වාද ලබා ගත්තේය. බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකක් වන අතර 2002 වර්ෂයේ බුද්ධගයාවේ මහා බෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස නම් කරන ලදි. ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් පූජ්‍ය පැලවත්තේ සීවලි ස්වාමීන්වහන්සේ සහ සාරනාත් මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපතිවරයාට...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දු-ලංකා ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී අද (16) පස්වරුවේ පැවැත්විණි. ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ. සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය. දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවති...
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024

වැඩබලන අමාත්‍යවරු 05 දෙනෙක් පත් කෙරේ

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත. ඒ අනුව ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය...
Top