
psofzDmp දෙසැ. දෙසැම්බර් 2024
ජනාධිපතිතුමා ඉන්දියාවේ යෙදෙන රාජ්‍ය සංචාරය අතරතුරදී මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය 2024 දෙසැම්බර් 16
අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, ගරු අමාත්‍යවරුනි, නෝනාවරුනි, මහත්වරුනි ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි ආයුබෝවන්,වනක්කම්, නමස්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා සැබැවින්ම සතුටට පත්වනවා. මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් අතිගරු ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මැතිනියට සහ අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා. මාගේ මෙම සංචාරය සිදු...