Presidential Secretariat of Sri Lanka

ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපති දිවුම් දීමේ ජාතික මහෝත්සවය ඇරඹේ

ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා තීන්දුවෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ අභිමානවත් උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වෙයි.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්, විදෙස් රාජ්‍ය අනුත්තන්,දේශපාලන නියෝජිතයන්,ඇතුළු අතිවිශල ජනතාවක් සහභගී වී ඇති බව අප වාර්තා කරු සඳහන් කරයි.

එමෙන් ම මෙම අවස්ථාව දැක බලා ගැනීමට අනුරාධපුර නගරයට අතිවිශාල ජනතාවක් පමිණෙමින් සිටින බවද වාර්තා විය..

 

පුවත්