Presidential Secretariat of Sri Lanka

“හැදෙන රටට – වැඩෙන ගසක්” ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනපති එක් වෙයි.

“හැදෙන රටට – වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද අද (01) පෙරවරුවේ එක් විය.

මිරිහානේ සිය පෞද්ගලික නිල නිවාස පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා අද දීප ව්‍යාප්තව ආරම්භ වූ වැඩසටහනට සිය සුබපැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාව සතු 29% ක් වූ වන ගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා වැඩිකිරීමේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්තියට සමගාමීව රට පුරා වසරකට ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

පුවත්