Presidential Secretariat of Sri Lanka

රට ගැන සිතා සිය වැඩපිළිවෙළට සහය වන්නැයි සියලු පාර්ශවයන්ගෙන් ජනපති ඉල්ලයි

තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව ද ජනාධිපතිතුමා පැවසීය.

මාධ්‍ය ආයතන කර්තෘවරුන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීහු විවිධ පැතිකඩ සහ ක්ෂේත්‍ර අලලා ජනාධිපතිතුමාගේ ප්‍රශ්න විමසූහ. ජනාධිපතිතුමා ඒවාට සරල, ඝෘජු සහ පැහැදිළි පිළිතුරු ලබා දුන්නේය.

  • ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය නූතන තාක්ෂණයයි…

කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීම සඳහා විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණය ඇතුළු නූතන තාක්ෂණික ශිල්ප ක්‍රම ආර්ථිකයට හඳුන්වා දීමට ඉහළ ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය. සංවර්ධන ක්‍රියාදාමයේ ගාමක බලවේගය තාක්ෂණය බව එතුමා කීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය පරිදි තාක්ෂණය හඳුන්වා දීම සිය ඉලක්කය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

“සන්නිවේදන තාක්ෂණ ක්ෂ්ත්‍රයේ වත්මන් ආර්ථික වටිනාකම ඩොලර් බිලියනයක් එය ඉදිරි වසර දෙක තුන ඇතුලත ඩොලර් බිලියන 3 දක්වා වැඩිකරන්න පිළිවන්. උත්පාදනය කළහැකි රැකියා සංඛ්‍යාව තුන්ලක්ෂයක් පමණ අප කළ යුත්තේ අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම” ජනාධිපතිතුමා කීය.

  • තුනෙන් දෙකක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න

ළග එන මහ මැතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මාධ්‍යවේදියෙක් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තමා බලයට පත්කළ ජනතාව අපේක්ෂා රැසක් සපුරා ගැනීමට බලා සිටින බව කීය. ඔවුන්ගේ ප්‍රාර්ථනා සපුරාලීමට නම් ජනාධිපතිවරයාට බාධාවලින් තොරව වැඩ කිරීමේ අවකාශය තිබිය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අවකාශය පැහැරගෙන ඇත. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරායට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බාධා පනවා තිබෙන්නේ නම් එවැනි ව්‍යවස්ථාවක තේරුම කුමක්දැයි ප්‍රශ්න කළ රාජපක්ෂ ජනාධිපතිතුමා තුනෙන් දෙකක ජනවරමක් අවශ්‍ය මේ බාධකය ඉවත් කිරීමට බව පෙන්වා දුන්නේය. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ʽස්වාධීනʼ කොමිෂන් සභා ස්වාධීන විය යුතුයයි කියා සිටියේය. 19 වැනි සංශෝධනය හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා එසේ නොවන බව එතුමා කීය.

7cd4401b-2fd4-4419-9188-1b42cc69666f709fddd2-9a81-478f-b4ce-1896cd6c0256808974cf-09aa-4b86-b0a4-b1074de482a4c53dd495-09f9-47f8-8f1c-45084da3e848d3e46623-803c-4417-b40a-06a9fea26f2ae0bb34ee-a306-421e-a5c4-b3d9af0acdf5

පුවත්

Most popular