Presidential Secretariat of Sri Lanka

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලීසියෙන් රුපියල් කෝටි 06 ක පරිත්‍යාග …

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම්  විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා  වෙත භාර දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදලෙන් රුපියල් කෝටි 05ක් ද වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළේය.

අද පස්වරු වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 420 ඉක්මවා ගොස් තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  පිළිවන.

 

(ජනාධිපති මාධ්‍ය අංශය)

2020-04-07

පුවත්