Presidential Secretariat of Sri Lanka

COVID- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට තවත්රුපියල් මිලියන 32 ක පරිත්‍යාග ….

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 769 ඉක්මවයි.

සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ධම්මරතන හිමි රුපියල් මිලියන 05ක්, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි හිමි රුපියල් මිලියන 05ක්, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නා හිමි පුණ්‍යාධාර භාරය රුපියල් මිලියනයක්  ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය තවලම ධම්මික හිමි සහ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය හල්විටිගල සුජාත හිමි රුපියල් මිලියනයක්, ගල්කිස්ස බෞද්ධායතනාධිපති ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි හිමි රුපියල් මිලියනයක්, ඉතාලියේ ෂිරෙන්සිහි සමාධි විහාරාධිපති පූජ්‍ය දොඹදෙනියේ නන්දසිරි හිමි රුපියල් ලක්ෂ 02ක්, සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.

සී.ජේ. වික්‍රමරත්න මහතා රුපියල් මිලියන 05ක්, මැරයින් වන් පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක්, මරීනා ෆුඩ්ස් පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා හෘද සංගමය රුපියල් මිලියන 05 බැගින් ද, මාර්ග ප්‍රවාහන සේවා අධිකාරිය රුපියල් ලක්ෂ 05ක්, ඒ. අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක් සහ පී.ඩී. ධර්මවර්ධන මහතා රුපියල් පනස්දහසක් ද අරමුදලට පිරිනැමූහ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක.

 

ජනාධිපති මාධ්‍ය අංශය
2020-04-20

පුවත්

Most popular