Presidential Secretariat of Sri Lanka

ඉටුකම COVID – 19 සොඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243 ඉක්මවා තිබේ.

Sri Ramco Roofing Lanka (Pvt) Ltd රුපියල් මිලියන 2ක්, Sri Ramco Lanka (Pvt) Ltd රුපියල් මිලියන 2ක්, Siam City Cement (Lanka) Ltd රුපියල් මිලියන 5ක්, අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත්අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙතපිළිගැන්විණි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් 522,231.19ක්  Union Chemicals Lanka PLC රුපියල්
500,000ක්, විශේෂඥ වෛද්‍ය ඩී.ඒ. විජේසුන්දර මහත්මිය රුපියල් 100,000ක් සහ අබාන්ස් පීඑල්සී ආයතනයේ අධ්‍යක්ෂ රුසී පෙස්ටොන්ජි මහතා රුපියල් මිලියනයක් අරමුදලට පරිත්‍යාග කළහ.

ඉටුකම වෙබ් අඩවිය මගින් ලැබී ඇති මුදල 1,786,050කි.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,243,656,318.96 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

පුවත්

Most popular